මැයි මස පළමු වැනිදාට යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමිති කර ගෙන පැවැත්වෙන මැයි රැළි සඳහා සහභාගි වන පිරිස් අධිවේගී මාර්ග ඔස්සේ ප‍්‍රවාහණය කරන බස් රථ ගාස්තුවලින් නිදහස් කර ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය පවසනවා.
එම සහනය මැයි මස පළමු වැනිදා අලුයම එකේ සිට රාත‍්‍රී 12 දක්වා ක‍්‍රියාත්මක බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
කෙසේ වෙතත් සෙසු වාහන සඳහා අධිවේගී මාර්ගයේ නියමිත ගාස්තු අය කෙරෙනු ඇති.