Sunday, September 22, 2024

General line - 0115112241

ආණ්ඩු විරෝධීන්ගේ වෙබ් සහ සමාජ ජාලවල වැඩ ගැන ජනපති කතා කරයි




තමන්ගේ නිල ආරාධනයක් පරිදි මැයි මාසයේ දිවයිනට පැමිණෙන ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගි වීම හැර වෙනත් කිසිඳු රාජකාරි කටයුත්තක් සිදු නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන්නේ රටේ කොටස් අයිතිකර ගැනීමට ගිවිසුමක් අත්සන් තැබීමට යැයි ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එය ආණ්ඩු විරෝධී පිරිසක් ගෙන යන අසත්‍ය ප‍්‍රචාරයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

මඩකලපුව ඔඞ්ඩමාවඩි මහ විද්‍යාලයේ සිවයස් සැමරුම් උත්සවයට අද (29) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.