මීතොටමුල්ල කසළ කන්ද හේතුවෙන් මතුව ඇති ගැටළුවලට කිසිඳු පාර්ශවයකින් තවමත් ස්ථීර විසදුමක් ඉදිරිපත්ව නොමැති බව මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු නීතීඥ නුවන් බෝපගේ සඳහන් කරනවා.
මීතොටමුල්ල කුණු කන්ද මාස හයක් තුල දී ඉවත් කිරීමක් සිදු නොවන බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (28) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.
දැන් හෝ සියලු පාර්ශව එක්ව මෙම ගැටළුවලට නිශ්චිත විසදුමක් ලබා දිය යුතු බව ද නීතීඥ නුවන් බෝපගේ පෙන්වා දුන්නා.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ වගකිවයුතු බලධාරීන් එක මේසයකට පැමිණ ගැටලුවට ස්ථිර විසඳුමක් පිළිබඳව සාකච්ඡා කළ යුතු බවයි.