Monday, December 23, 2024

General line - 0115112241

අධික රස්නය නිසා විදුලි ඉල්ලුම වැඩි වෙයි - වත්මන් තත්ත්වය ගැන මණ්ඩලයෙන් ජනතාව දැනුවත් කරයි




ජල විදුලිය නිෂ්පාදනය කිරීම සදහා තිබෙන ජල ධාරිතාවය 31.4% දක්වා පහත වැටී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය නිසා අරපරිස්සමෙන් විදුලිය පරිභෝජනය කරන ලෙසයි එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණ තත්ත්වය නිසා ඒකක මිලියන 38 ක්ව පැවැති විදුලි දිවා ඉල්ලුම ඒකක මිලියන 45 දක්වා 18.4% කින් ඉහළ ගොස් ඇති බවද සඳහන් කළා.

රාත්‍රී කාලයේදී මෙගාවොට් 2470ක ඉල්ලුමක් ඇති වී තිබෙන බවද එය 10% ක වැඩිවීමක් බවද වාර්තා වන බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මැයි මස 02 වැනි දින සිට කර්මාන්තශාලාවල පවතින විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කෙරෙන බවද සඳහන් කළා.

නිෂ්පාදනය කරන ඒකකයක් සදහා රු.36.00ක සුවිශේෂී ගෙවීමක් සිදු කෙරෙන බවද අදාළ නිවේදනයේ සඳහන් වනවා.

මේ අතර මීතොටමුල්ල සම්ප්‍රේෂණ පද්ධතිය යතා තත්වයට පත් කිරීම එළබෙන 06 වැනිදා අවසන් කරන බවද එහි දක්වා තිබෙනවා.