Monday, December 23, 2024

General line - 0115112241

අන්තවාදීන් ප්‍රශ්න නිර්මාණය කරනවා




සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය, සමගිය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදීන් පිරිසක් උත්සහ දරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මඩකලපුව ඔඞ්ඩමාවඩි මහා විද්‍යාලයේ අද (29) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

ගැටුම් ඇතිවීම වලක්වා ගැනීමට සියලු දෙනා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළා. 

සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් අතර සමගිය ඇති කිරීම දේශපාලකයින්ට පමණක් සිදු කළ නොහැකි බවත් සියලු ආගමික නායකයින් ඒ සඳහා කැපවිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. නොයෙක් අවස්ථාවලදී රටේ ප්‍රශ්න ඇති වුවත් ඇතැමුන් ප්‍රශ්න නිර්මාණය කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජනතාව අතරේ අසමගිය ඇති කිරීමට සංවිධානාත්මක කණ්ඩායම් කටයුතු කරන බවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.