මෙවර මැයි දිනයේ කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා විශේෂ සී.සී.ටී.වී. කැමරා පද්ධතියක සහය ලබා ගන්නා බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ දැනට කොළඹ නගරයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධතියට අමතරව පොලිස් ජංගම රථයක සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධතියකින් ද නගරයේ ආරක්ෂාව පිළිබඳ නිරන්තයෙන් විමර්ශනය කරන බවයි.
කොළඹ සහ මහනුවර යන නගරවල ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.