Monday, December 23, 2024

General line - 0115112241

මත්පැන් සමාගම් 100 ක් බදු සහන ඉල්ලයි




මත්පැන් සමාගම් සඳහා කිසිඳු බදු සහනයක් ලබා නොදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය රාජ්‍ය මුදල් කාරක සභාවට යෝජනා කර තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම් ඒ සුමන්තිරන් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මත්පැන් සමාගම් සඳහා විවිධ බදු සහන ලබා දීමේ සූදානමක් පිළිබඳ ඉකුත් සමයේ තොරතුරු වාර්තා වුණා.

සමාගම් 23ක් සඳහා එලෙස බදු සහන ලබා දෙන බවටයි ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ. බදු සහන ලබා ගැනීම සඳහා සමාගම් සියයක් පමණ සුදුසුකම් සපුරා තිබෙනවා.

එම නිසා කිසිඳු සමාගමකට බදු සහන ලබා නොදෙන ලෙසයි එම් ඒ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා යෝජනාකර ඇත්තේ.