Sunday, September 22, 2024

General line - 0115112241

කොළඹ සහ මහනුවර පාරවල් රැසක් හෙට වසා දැමේ - රථවාහන සැලැස්ම මෙන්න




හෙටට (01) යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක සහ මහනුවර ගැටඹේ නගරය ආශ‍්‍රිතව විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක‍්‍රියාත්මක කෙරෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ කොළඹ නගරයේ මාර්ග රැසක් හෙට පෙරවරුවේ සිට පස්වරුව දක්වාම වසා දැමෙන බවයි.

ඇතැම් මාර්ග පැය කිහිපයක් සඳහා පමණක් වසා දැමෙන අතර තවත් මාර්ග කිහිපයක රථ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කෙරෙණු ඇති.

එමෙන්ම පිට පළාත්වලින් මැයි දින පෙළපාලි සඳහා ජනතාව රැගෙන කොළඹ නගරයට පැමිණෙන බස් රථ සහ වාහන ගාල්කර තැබීම සඳහා ද කොළඹ නගරයේ ස්ථාන 11ක් වෙන්කර තිබෙනවා.

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ද එලෙස වාහන ගාල් කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මැයි දින පෙළපාලි පැවැත්වෙන විට ප‍්‍රධාන මාර්ග වසා දැමෙන අතර ඒ සඳහා විකල්ප මාර්ග නම්කර තිබෙනවා.

(එලෙස වසා දැමෙන මාර්ග සහ ඊට අදාල සියලු විස්තර පහතින් දැක්වෙයි.)