Sunday, September 22, 2024

General line - 0115112241

නාවික හමුදාව තවත් අක්කර 100 ක් උතුරු වැසියන්ට දෙයි




මුලතිව් මුල්ලිකුලම් ප‍්‍රදේශයේ වෙසෙන ජනතාව වෙනුවෙන් ඉඩම් අක්කර සියයක් නිදහස් කිරීමට නාවික හමුදාව තීරණයකර තිබෙනවා.

ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහ ප‍්‍රදේශයේ ජනතාව අතර ඊයේ (29) පැවති සාකච්ඡාවකදීයි.

නාවික හමුදාව මීට පෙර අවස්ථාවක දී එම ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 300ක් ද නිදහස්කර තිබුණා.

ඒ අනුව මුල්ලිකුලම් ප‍්‍රදේශයේ දේවස්ථානය අසල කලාපයේ පිහිටි කෘෂිකාර්මික ඉඩම් අක්කර 100 ක භූමි ප‍්‍රදේශයක් මෙලෙස නිදහස් කෙරෙණු ඇති.

මුල්ලිකුලම් ප‍්‍රදේශයේ පවුල් 185ක් පමණ මේ වනවිට ඔවුන්ගේ ලියාපදිංචිය තහවුරුකර තිබෙනවා. නාවික හමුදා කඳවුර තුළ පිහිටි සිවිල් ජනතාවගේ නිවාස වෙනුවට ඔවුන්ට අලුතින් නිවාස විසි හතක් ඉදිකර දී ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා මෙම නිවාස යළි නාවික හමුදාවට භාර දී ඔවුන්ගේ මුල් නිවාසවල පදිංචිවන ලෙසත් නාවික හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක්කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් ඊට මැලිකමක් දැක්වීම නිසා නැවත පදිංචි කිරීමේ කටයුතු ප‍්‍රමාද වූ බවයි නාවික හමුදාව පවසන්නේ.

කෙසේ වෙතත් මාස 08ක කාලයක් තුළ තමන්ගේ මුල් ගම්බිම්වල පදිංචි වීමට, පසුව එම ජනතාව කැමැත්ත පළකර තිබෙනවා.