Monday, December 23, 2024

General line - 0115112241

ගෝල්ෆේස් පිටියට ශ්‍රීලනිප ඔත්තුකරුවන් යවයි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සහභාගි වන්නැයි තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.

රට වෙනුවෙන් ආදරය කරන සියලු දෙනා මෙම මැයි රැළියට සහභාගි විය යුතු බවයි ඔහු අවධාරණය කළේ. 

ගාලු මුවදොර පිටියේ හෙට (01) පැවැත්වෙන මැයි දින රැළියේ තොරතුරු ලබා ගැනීමට කණ්ඩායමක් යොමුකර ඇති බවත් එහි සත්‍ය තොරතුරු ඊට පසුදා උදෑසනම හෙළි කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා. 

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "ගෝල්ෆේස් පිටියට යන අයට අපි කියන්නේ.. මුහුද ළඟයි පයින එක ගුණයි කියලයි. ගෝල්ෆේස් පිටියට අපි පිරිසක් දානවා.. එන පිරිස ගණන් කරන්න. පහුවෙනිදා උදේ වෙනකොට හිටිය ගාන අපි හරියටම කියන්නම්." යනුවෙනි.