Sunday, September 22, 2024

General line - 0115112241

සුමන්තිරන් උතුරේ ගැටලූ විසදීමට ජනපති සහ අගමැති හමුවීමට සැරසෙයි




සිය ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් දෙමළ ජනතාව සිදුකරන විරෝධතා සදහා සිය පක්‍ෂයද සහාය දක්වන බව ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂය පවසනවා. 

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් පැවසුවේ අතුරුදන්වූවන්ගේ ගැටලූවලට නිසි විසදුම් ලබාගැනීම සදහා තම පක්‍ෂයද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවයි. 

ආරක්‍ෂක අංශ සතු උතුරු නැගෙනහිර සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සහ උතුරු නැගෙනහිර උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාගැනීම ආදී ඉල්ලීම්වලදට තමන් සහාය දක්වන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් සදහන් කළේ. 

එම ගැටලූ විසදා ගැනීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආරක්‍ෂක අමාත්‍යාංශය සමග තමන් ඉදිරියේදී සාකච්ඡා කරන බවද  මන්තී‍්‍රවරයා  සදහන් කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ මඩකලපුවේ පැවති ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට එක්වෙමින්.