Sunday, September 22, 2024

General line - 0115112241

අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ඉක්මවයි




අනුරාධපුර ප‍්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ඉක්මවා තිබෙනවා. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ගතවූ පැය විසිහතරේදී දිවයිනේ වැඩිම උෂ්ණත්වය අනුරාධපුර ප‍්‍රදේශයෙන් වාර්තා වූ බවයි. 

එම අගය සෙල්සියස් අංශක 37 යි දශම 3 ක් ලෙස දැක්වෙනවා. එමෙන්ම කුරුණෑගල සහ මහඉලූප්පල්ලම ප‍්‍රදේශවල උෂ්ණත්වයද සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3 කින් ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. 

යාපනය, වව්නියාව, කටුගස්තොට සහ රත්මලාන ප‍්‍රදේශ ඇතුළු ප‍්‍රදේශ රැුසක උෂ්ණත්වයද සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් ගෙන තිබෙනවා. 

දිවයින හරහා හමායන සුළං ප‍්‍රවාහයේ අඩුවීම හේතුවෙන් ප‍්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ. 

ඉදිරි දින කිහිපයේදී පස්වරු දෙකෙන් පසුව ඇතැම් ප‍්‍රදේශවලට වැසි ඇති විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.