Sunday, September 22, 2024

General line - 0115112241

ගාලූමුවදොර රැළිය කඩාකප්පල් කිරීමේ සූදානමක් ඒකාබද්ධ විපක්‍ෂය හෙලි කරයි




යහපාලන ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැළිය කඩාකප්පල් කිරීමට විවිධ උගුල් අටවමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසනවා. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ කුමන බාධක පැමිණියත් සිය මැයි දින රැළිය සාර්ථකව පවත්වන බවයි. 

වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරන පිරිස් මැයි දිනයේදී සිටිය යුතු එකම ස්ථානය ගාලූමුවදොර පිටිය බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.