Sunday, September 22, 2024

General line - 0115112241

මැයි දිනයේ මහජන ආරක්‍ෂාවට පොලීසියෙන් එකොළොස් දහසක්




මැයි දිනයේ මහජන ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් එකොළොස් දහසකට අධික පිරිසක් යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. 

කොළඹ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ කොළඹ නගරයේ ආරක්‍ෂාවට පමණක් පොලිස් නිලධාරීන් හත්දහසක් යොදවා ඇති බවයි. 

බීමත් රියදුරන් සහ රථ වාහන නීති උල්ලංඝණය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.