Sunday, September 22, 2024

General line - 0115112241

මැයි දිනයට රැළි සහ පෙළපාලි 23 ක්




ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් හෙට දිනයේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල කම්කරු දින සැමරුම් රැළි සහ පෙළපාලි 23 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඉන් මැයි දින රැළි 15 ක්ම පැවැත්වෙන්නේ කොළඹ ප‍්‍රදේශයේයි. 

එක්සත් ජාතික පක්‍ෂය සංවිධාන කරන මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සංවිධාන කරන මැයි දින රැළිය පැවැත්වෙන්නේ මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේදීයි. 

‘‘ දිනන ජනතාවගේ මැයි රැළිය ’’ යන්න මෙවර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ තේමාව වනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය පවත්වන මැයි දින රැළිය පැවැත්වෙන්නේ කොළඹ ගාලූමුවදොර පිටියේදීයි. 

වැඩබිම, ගොවිබිම, මව්බිම සුරකින යන නොනවතින අරගලය මෙවර ඔවුන්ගේ තේමාවයි. 

ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන මැයි දින රැළිය කොළඹ බී ආර් සී පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

මෙවර ජනතා විමුක්ති පෙරමුණේ තේමාව වන්නේ ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැළිය යන්නයි. 

දෙමළ ජාතික සන්ධානය සංවිධාන කරන මැයි දින රැළිය අක්කරෙයිපත්තුව ආලේඅඩිවෙම්බු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.