Sunday, September 22, 2024

General line - 0115112241

සාම්ප්‍රදායික මැයි දින සැමරුමට සීමා නොවන්න




සාම්ප්‍රදායික මැයි දින සැමරුමට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් වැඩ කරන ජනතාවගේ හිමිකම් දිනා දීමටත්, ඔවුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමටත්, කම්කරු ජනතාව සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද එක්ව සාකච්ඡා කිරීමෙන් පුළුල් වැඩපිළිවෙලක් සැකසීම අත්‍යවශ්‍ය වන බව කම්කරු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

නවීන තාක්ෂණික ලෝකයේ, කාලීන සමාජ, දේශපාලන අභියෝග මැද කම්කරු ජනතාවට නිසි ගරුත්වය ලැබෙන, දේශයේ අභිවෘද්ධිය උදෙසා ස්වකීය කාර්යභාරය ඉටුකිරීමට අවශ්‍ය පසුබිම සැකසෙන, ඔවුන්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් වෙනුවෙන් සංවාදමය, සම්මුතිගත මැදිහත්වීමකට මෙවර මැයි දිනය අවස්ථාවක් කරගනිමු යනුවෙන් ද එහි දැක්වෙනවා.

එම සම්පූර්ණ පණිවුඩය පහතින්,