Sunday, September 22, 2024

General line - 0115112241

මැයි රැළි වෙනුවෙන් සෙනඟ ගේන්න සල්ලි දීලා දුම්රිය දෙකක් වෙන් කරයි




කම්කරු දින රැළිවලට සහ පෙලපාළිවලට සහභාගී වන්නන්ගේ පහසුව සඳහා අද (01) විශේෂ දුම්රිය දෙකක් ධාවනයට යොදවා තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දක්වන දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ මුදල් ගෙවා වෙන් කරවා ගත් විශේෂ දුම්රිය දෙකක් මෙලෙස ධාවනය වීමට නියමිත බවයි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මෙහිදී මරදාන සිට මහනුවර දක්වා එක් දුම්රියක් ධාවනය කරවීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මහනුවර සිට නැවතත් එම දුම්රිය මරදාන දක්වා ධාවනය කෙරෙනවා. තවත් විශේෂ දුම්රියක් කුරුණෑගල සිට මරදාන දක්වාත් මරදාන සිට කුරුණෑගල දක්වාත් ධාවනය කරවීමට සූදානම් කර තිබෙනවා."

මීට අමතරව අද දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයන් සිදු කෙරෙන බවද සඳහන් කළා.