Sunday, September 22, 2024

General line - 0115112241

රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේ - සජිත්ගෙන් පොරොන්දුවක් (PHOTOS)




හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ 24 වන ගුණ සමරුව අදට (01) යෙදී තිබෙනවා.

ගුණ සමරු උත්සවය අද පෙරවරුවේ පැවැත් වුණේ කොළඹ අලුත් කඩේ පිහිටුවා ඇති ඒ මහතාගේ පිළිරුව ඉදිරිපිටදීයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ද ඊට එක්ව සිටියා.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී සංඝගත දක්ෂිණාවක් ද පැවැත් වුණා.

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ 24 වන ගුණානුස්මරන උත්සවය අමතමින් කතානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ චරිතයෙන් උගත හැකි පාඩම් බොහෝමයක් ඇති බවයි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කළේ සිය පියාගේ නාමයෙන් අනිවාර්යයෙන්ම 2025 දී සැමට සෙවන ලබා දෙන බවයි.