Sunday, September 22, 2024

General line - 0115112241

හෙට සිට ජෙනරේටර් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කෙරේ




වියළි හා උණුසුම් කාලගුණය නිසා අඛණ්ඩ විදුලි සැපයුමට නැවත අභියෝගයක් එල්ල වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අධිබල විදුලි ජනන යන්ත‍්‍ර භාවිතා කිරීමට ලියාපදිංචි වී ඇති කර්මාන්ත ශාලා සඳහා හෙට (02) සිට එම යන්ත‍්‍ර භාවිතය අනිවාර්ය කරන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම සියයට දහයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට පාරිභෝගිකයන් 250 කට අධික පිරිසක් මෙගාවොට් 500 කට වඩා වැඩි ජනන ධාරිතාවයක් පද්ධතියට එක් කිරීමට ලියාපදිංචි වී ඇති බවත් පෙන්වා දුන්නා. එලෙස විදුලිය නිෂ්පාදනය කරන ඒකකයක් සඳහා රුපියල් 36.00 ක සුවිශේෂී ගෙවීමක් සිදු කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බවත් පැවසුවා.