Sunday, September 22, 2024

General line - 0115112241

LTTE ය දුටු සිහිනය දැන් ඉටු වෙනවාලු




එල් ටී ටී ඊ සංවිධානයේ සිහිනය දැන් ක‍්‍රමයෙන් ඉටු වෙමින් පවතින බව උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී. අයින්ගරනේසන් පවසනවා.

එම සංවිධානය බලාපොරොත්තු වූයේද උතුරු පළාතේ ජනතාවගේ සංවර්ධනය සහ ඔවුන්ට පහසුකම් සපයාදීම බවයි පී. අයින්ගරනේසන් කියා සිටියේ.

ඔහු මේ බව පැවසුවේ කිලිනොච්චිය ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

උතුරු පළාත් සභාව යටතේ සහ මධ්‍යම රජයේ සහයෝගය යටතේ උතුරු පළාතේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.