Sunday, September 22, 2024

General line - 0115112241

ලංකාවේ කටයුතුවලට මැදිහත් වෙන්නැයි ඉන්දීය මාධ්‍ය එරට රජයට කියයි




ශ‍්‍රී ලංකාව සමග සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගැනීමට ඉන්දියාව කටයුතු කළ යුතු බව, ‘‘ද හින්දු‘‘ පුවත්පත පවසනවා.

එහි කතුවැකියේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාව තුළ වැදගත් ප‍්‍රතිසංස්ංකරණ ගණනාවක් මේ වනවිට සිදුවෙමින් පවතින බවයි.

අතීතයේ සිටම ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මැදිහත්කරුවකු වූ ඉන්දියාව මෙම ප‍්‍රතිසංස්කරණවලදී ද සක‍්‍රීයව සහභාගි විය යුතු බව ‘‘ද හින්දු‘‘ කතුවරයාගේ අදහස වනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා කළ ඉන්දීය සංචාරය පාදක කරගනිමිනුයි මෙම කතුවැකිය ලියා ඇත්තේ.