Sunday, September 22, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැළිය ගාලුමුවදොරදී ඇරඹෙයි (PHOTOS)




ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්‍ෂ සංවිධාන කරන මැයි රැළි මේ වනවිට ආරම්භවෙමින් පවතිනවා. 

එක්සත් ජාතික පක්‍ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීයි. 

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය සවස 4 ට කොළඹ බී ආර් සී පිටියේදී පැවැත්වෙනවා. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැළිය ආරම්භ කිරීම සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම්. 

රැළිය පැවැත්වෙන්නේ මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේදීයි. 

ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැළියටද ප‍්‍රදේශ රැසක පිරිස් මේ වනවිට ගාලූමුවදොර පිටියට පැමිණෙමින් සිටිනවා.