Sunday, September 22, 2024

General line - 0115112241

කම්කරු දින සැමරුම් නිසා උතුරත් උණුසුම් (PHOTOS)




උතුරු පළාතේද ස්ථාන කිහිපයක අද කම්කරු දින සැමරුම් පැවැත්වුණා. 

ඊ පී ආර් එල් එෆ් සංවිධානයේ කම්කරු දින රැුළිය පැවැත්වුණේ වව්නියාව, සෙට්ටිකුලම, වීරපුරම් ප‍්‍රදේශයේදීයි. 

යුද්ධයෙන් පසුව උතුරේ ප‍්‍රශ්න කිසිවක් තවමත් විසදී නැතැයි එහි නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මෙහිදී කියාසිටියා. 

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාර්ක්ස් ලෙනින්වාදී පක්‍ෂයද වව්නියාවේදී කම්කරු දින රැළියක් පැවැත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 

ඊරෝස් සංවිධානයේ කම්කරු දින රැුළිය වව්නියාව - මන්නාරම මාර්ගයේ කලෙයිමගල් කී‍්‍රඩාංගණයේදි පැවැත්වුණා.