Sunday, September 22, 2024

General line - 0115112241

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළි කොළඹ බී ආර් සී පිටියට ලඟා වෙයි (PHOTOS)




එක්සත් ජාතික පක්‍ෂයේ මැයි රැළිය අද පස්වරුවේ ආරම්භ වුයේ කොළඹ කැම්බල් පිටියේදීයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේදීයි. රැස්ව සිටි පිරිස පිළිගනු ලැබුවේ මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක විසින්. 

රැළිය ආරම්භ කළ අවස්ථාවේ ගැටඹේ කී‍්‍රඩාංගණයට වැසි සහිත තත්ත්වයක් පැවති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැළිය මේ වනවිට කොළඹ ගාලූ මුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාලි මේ වනවිට ප‍්‍රධාන රැළිය පැවැත්වෙන කොළඹ බී ආර් සී පිටියට පැමිණ තිබෙනවා. 

රැළිය තව නොබෝ වේලාවකින් ආරම්භවීමට නියමිතයි.