Sunday, September 22, 2024

General line - 0115112241

ජනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මැයි රැළියේ (PHOTOS)




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට නොබෝ වේලාවකට පෙර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැයි දින රැළියට පැමිණියා.

රැළිය පැවැත්වෙන්නේ මහනුවර ගැටඹේ කි‍්‍රඩාංගණයේදීයි. ඊට ශී‍්‍ර ලංකා  නිදහස් පක්‍ෂයේ ජේ්‍යෂ්ඨයින් රැසක් එක්ව සිටිනවා. 

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ මැයි රැළිය අමතමින් මේ වනවිට කථිකයින් රැසක් සිය අදහස් පළ කර අවසන්. 

රැළිය සදහා ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවකද එක්ව සිටිනවා.

ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැළියද මේ වනවිට සාර්ථකව පැවැත්වෙමින් තිබෙනවා. ඒ, ගාලූමුවදොර පිටියේදීයි. 

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ ආරම්භ වුණේ කොළඹ බී ආර් සී පිටියේදීයි. 

විදෙස් රටවල නියෝජිතයින් කිහිප දෙනෙකුද ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළියේ ප‍්‍රධාන වේදිකාවේ අසුන් ගෙන සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.