Sunday, September 22, 2024

General line - 0115112241

දේශපාලන පක්‍ෂවල මැයි රැළි අවසන්




ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් දේශපාලන පක්‍ෂ අද (01) පැවැත්වූ මැයි දින රැළි බොහොමයක් මේ වනවිට අවසන් වී තිබෙනවා. 

ඒ අනුව මැයි රැළි සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි පිරිස් විසිර යමින් සිටින බවයි එම ස්ථානවල සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

කෙසේවෙතත් කොළඹ බී ආර් සී පිටියේ පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය මේ වනවිටද පැවැත්වෙමින් තිබෙනවා. 

අද පැවති මැයි රැළිවලදී පළ වූ තවත් අදහස් රාති‍්‍ර 10 නෙත් නිවුස් අපගේ ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.