Sunday, September 22, 2024

General line - 0115112241

ගාලූමුවදොර මැයි රැළියට පැමිණි දෙදෙනෙකු හදිසියේ මිය ගිහින්




ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගිවූ ආධාරකරුවන් දෙදෙනෙකු හදිසි රෝගාතුරු තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ මොවුන් දෙදෙනා රෝහළට ඇතුළත් කරනවිටත් මරණයට පත්ව සිටි බවයි.

දෙදෙනාගේ මෘත දේහ දැනට රෝහලේ පවත්නා බවත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණය සිදුව ඇත්තේ කෙසේද යන්න අනාවරණය කරගත හැකි බවත් කියා සිටියේ.