Sunday, September 22, 2024

General line - 0115112241

සවස දෙකෙන් පසු ප‍්‍රදේශ රැසකට තද වැසි




දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අද (02) පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව කියාසිටියේ ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළංද ඇති විය හැකි බවයි. 

අකුණුද ඇති විය හැකි බැවින් අකුණු අනතුරු අවම කර ගැනීම සදහා පියවර ගන්නා ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.