Sunday, September 22, 2024

General line - 0115112241

කන්කසන්තුරේදී අත්අඩංගුවට ගත් මියන්මාර හා ඉන්දීය ජාතිකයින් අධිකරණය හමුවට




යාපනය, කන්කසන්තුරය සාගර සීමාවේදී අත්අඩංගුවට ගත් මියන්මාර සහ ඉන්දීය ජාතිකයන් පිරිස යාපනය, මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (02) යළිත් ඉදිරිපත් කිරීමට නියමිතයි. 

කන්කසන්තුරය පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර ළමුන් පහලොස් දෙනෙකුද සිටින බවයි. 

මියන්මාර ජාතිකයන් තිස් දෙනෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනු ඇති. 

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුල්වීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇති බවයි පොලීසිය සදහන් කළේ.