Sunday, September 22, 2024

General line - 0115112241

එජාප රැළියට එක්වූ පාක්ෂිකයෙකුත් අවාසනාවන්ත ලෙස මරුට




එක්සත් ජාතික පක්ෂය විසින් බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලැබූ මැයි රැළියට එක්ව සිටි පාක්ෂිකයෙකුද මියගොස් තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

අදාළ පුද්ගලයා රැළියට සහභාගී වී නැවත නිවස බලා ගමන් කරමින් සිටියදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සීගිරියේ පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (02) අලුයම 2.15 ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

සීගිරිය බලා ගමන් කරමින් තිබූ බස් රථයක පාපුවරුවක සිටි එජාප පාක්ෂිකයා බසයෙන් වැටී එහි පසුපස රෝදයට යටවී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 44 ක් වු අංක 36, නව ගම්මානය, නවෝද්‍යා මාවත, සීගිරිය ලිපිනයේ පදිංචි උඩුපිටිය වලව්වේ කුලරත්න අධිකාරම් ජනක නොහොත් බණ්ඩාර උඩුපිටිය නැමැත්තෙකි.