Sunday, September 22, 2024

General line - 0115112241

සිකුරාදා වැඩවර්ජනයට වෘත්තීය සමිති 121 ක් - ඒකාබද්ධ විපෂයේත් සහාය




සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එළඹෙන සිකුරාදා කි‍්‍රයාත්මක කරන ඒකාබද්ධ වැඩවර්ජනයට වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 121 ක් එක්ව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී කියාසිටියේ තවත් වෘත්තීය සමිති ගණනාවක් තමන් සමග එක්වීමට සූදානමින් සිටින බවයි. 

මෙම මාධ්‍ය හමුවට වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙකුද එක්ව සිටියා.  

ඒකාබද්ධ විපක්‍ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ කියාසිටියේ තමන් සමග සිටින සියලූම වෘත්තීය සමිති මෙම වැඩවර්ජනයට එක්වන බවයි.