Sunday, September 22, 2024

General line - 0115112241

මරදානේ කසල ගොඩක මත්ද්‍රව්‍ය පාර්සලයක්




මරදාන පොලිස් වසමේ කැප්ටන් ගාර්ඩන් කොවිල් පාරේ සැකකටයුතු පාර්සලයක් සෝදිසි කිරීමේදී ඒ තුළ මත්ද්‍රව්‍ය තොගයක් තිබී සොයාගෙන තිබෙනවා. 

අද (11) සවස 3.00 ට පමණ මරදාන පොලිසියට ලද තොරතුරක් අනුව මෙම සැකකටයුතු පාර්සලය සෝදිසි කෙරුණා.

මෙම පාර්සලය තිබී ඇත්තේ එම මාර්ගයේ ගොඩ ගැසී තිබූ කසල ගොඩකයි. මේ තුළ හෙරොයින් කිලෝ 03 යි ග්‍රෑම් 600 ක් තිබූ බවට අනාවරණය වූ බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ. 

සැකකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.