Sunday, December 22, 2024

General line - 0115112241

දෙමළ සන්ධානය අවසන් මොහොතේදී අගමැති මෝදි සමග සාකච්ඡාවක




ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම පමාවීම පිළිබද දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා කර තිඛෙනවා. 

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යළි ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී ඊයේ මෙම සාකච්ඡාව පැවැත්වු බවයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරම් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

විපක‍ෂ නායක ආර් සම්බන්දන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ලබාදෙන නායකත්වය පිළිබදවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රසාදයට ලක්වූ බවයි එම් ඒ සුමන්තිරම් මන්ත්‍රීවරයා සදහන් කළේ. 

මෙම සාකච්ඡාව විනාඩි 45 ක් පමණ පැවති බවද මන්ත්‍රීවරයා කියා සිටියා.