Saturday, September 21, 2024

General line - 0115112241

බක්කුල මහා සෑය ඉදිකරන්න දායක වෙන්න ඔබටත් අවස්ථාව (UPDATE)




හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන භූමියේ ඉදි කෙරෙන බක්කුල මහා සෑයට මුල් ගල් තැබීමේ අවස්ථාව වෙනුවෙන් සංවිධාන කෙරුණු ධාතු නමස්කාරය ඊයේ (14) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වුණා.

බක්කුල මහා සෑයේ ඉදි කිරීම් සඳහා මුල් ගල් තැබුණේ ඉකුත් වෙසක් පෝදා පස්වරුවේ යෙදුණු විසා නැකතින්. එදින රාත‍්‍රීයේ සිට සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු මහ රහතන් වහන්සේගේ ධාතු වන්දනාව ආරම්භ කෙරුණා.

ඊයේ දිනය පුරා ද සැදැහැවතුන් විශාල පිරිසක් ධාතු නමස්කාරයට එක් වුණා. දින තුනක් පුරා පැවති ධාතු නමස්කාරය සම්බන්ධයෙන් හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා.

(එම අදහස් පහතින් දැක්වෙයි) 

මේ අතර ධාතු නමස්කාරය සඳහා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට පැමිණි නෙත් ශ‍්‍රාවකයින් කිහිප දෙනෙකු ද නෙත් නිවුස් වෙත අදහස් පල කළා. 


මේ අතර  සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදිවන බක්කුල මහා සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය ලබා දීමට ඔබටත් අවස්ථාව උදාකර දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ද පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් කරුණු පැහැදිලි කළා.

එහිදී පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් සඳහන් කළේ "ඔබට ඕනෑම දිනයක කණ්ඩායම් වශයෙන් පැමිණ චෛත්‍යය ඉදිකිරීමේ කටයුතු සඳහා ශ්‍රමයෙන් දායකත්වය ලබා දිය හැකියි. ඒ වගේම අමුද්‍රව්‍ය පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ වගේම මුල්‍යමය ආධාර සිදු කිරීමේ හැකියාවත් පවතිනවා. මෙම පිංකමට බොහෝ පිරිසක් සම්බන්ධ කර ගැනීම තමයි අපේ අරමුණ විය යුත්තේ. ඒ නිසා තමයි ඔබට හැකි අයුරින් මේ සඳහා දායක වෙන්න කියලා කියන්නේ." යනුවෙනි.

බක්කුල මහා සෑයේ ඉදිකිරිම් වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීම සඳහා බැංකු ගිණුම් 02ක් විවෘත කර තිබෙනවා.

ඉන් එක් ගිණුමක් විවෘත කර ඇත්තේ අතුරුගිරිය සම්පත් බැංකු ශාඛාවේයි. ‘‘බක්කුල මහා සැය‘‘ යන ගිණුමේ නමින් 0067 6000 0076 යන ගිණුම් අංකයෙන් මුදල් ආධාර තැන්පත් කළ හැකියි.

ඊට අමතරව ‘‘බක්කුල මහා සැය‘‘ යන නමින්ම ලංකා බැංකුවේ අගනුවර ශාඛාවේද ගිණුමක් විවෘත කර තිබෙනවා. 80 101 773 යන ගිණුම් අංකයෙන් ඊට මුදල් ආධාර තැන්පත් කළ හැකියි. 

 

-----------------------------------

හොරණ සීලසුව අරණ පිංකම් මාලාව මධ්‍යම රාත්‍රියෙන් අවසන් 

(2017-05-13 19:13)

 

හොරණ සීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ඉදි කෙරෙන බක්කුල මහා සෑයට මුල්ගල තැබීම නිමිතිකර ගනිමින් සිදු කෙරුණු පිංකම් මාලාව අද (13)මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. 

ඒ අනූව ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහරහත් ධාතූන් වහන්සේ වැඳ  පුදා ගැනීමට සැදැහැවතුන්ට ලබා දී තිබූ අවස්ථාව අද මධ්‍යම රාත්‍රියෙන් නිමාවට පත්වනු ඇති. 

දහස් සංඛ්‍යාත පිරිස් අද දිනයේ ද සීල සුව අරණට පැමිණ ධාතූන් වහන්සේ වැඳ පුදා ගත්තා 

........................................................................

සීලසුව අරණ පිංබිමේ ධාතු නමස්කාරය අදින් අවසන්

බක්කුල මහසෑයට මුල්ගල් තැබීම වෙනුවෙන් හොරණ දික්හේනපුර සීලසුව අරණ ගිලන් භික‍්ෂු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ධාතු නමස්කාරයේ අවසන් දිනය අදයි. 

බොහොමයක් පිංකම් රැසක් අද දිනයේදී පැවැත්වෙනවා

ඊයේ රාත්‍රියේද අතිවිශාල සැදැහැවතුන් පිරිසක් ධාතු නමස්කාරයට එක්වුණා. 

මේ එලෙස පැමිණි කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත දැක්වූ අදහස්.