Saturday, September 21, 2024

General line - 0115112241

වෛද්‍ය සභා භූමියෙන් හමු වූ අත් බෝම්බය ගැන පොලිස් විමර්ශණ ඇරඹෙයි!




මරදානේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා භූමියේ තිබී සොයා ගැණුනු ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

ජීව අත්බෝම්බය නිෂ්ක්‍රී කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට පැමිණියා. 

කිසියම් අයෙකු ඊයේ රාත්‍රි 10.30 ට පමණ වෛද්‍ය සභාව ඉලක්ක කර මෙම අත්බෝම්බය එල්ල කරන්න ඇති බවටයි සැක කෙරෙන්නේ. 
කෙසේ වෙතත් එය පුපුරාගොස් නැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික වෛද්‍ය උපුල් ගුණසේකර නෙත් නිවුස් වෙත සදහන් කළා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ එහි නිලධාරීන්ගේ ආරක‍ෂාව තහවුරු කරන ලෙස මීට පෙර ඉල්ලීම් කළ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.