Saturday, September 21, 2024

General line - 0115112241

සයිබර් ප්‍රහාරයෙන් ලංකාවට බලපෑමක් නැහැ




රටවල් රැසක පරිගණක පද්ධතිවලට එල්ල වී ඇති පරිගණක වෛරසයෙන් මෙරට පරිගණක පද්ධතිවලට මෙතෙක් බලපෑම් එල්ල වී නොමැති බව 
ශී්‍ර ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. 

එහි ප්‍රධාන තොරතුරු ආරක‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පැවසුවේ ඒ පිළිබද කිසිදු පැමිණිල්ලක් තමන්ට මෙතෙක් ලැබී නොමැති බවයි. 

ප්‍රබල සයිබර් ප්‍රහාරයක් බවට විශ්වාස කරන සිදුවීමකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිදවැටුණා. 

බීබීසී ලෝක සේවය සදහන් කළේ බ්‍රිතාන්‍ය, අමෙරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය සහ ඉතාලිය ඇතුළු රටවල් 74 කට ආසන්න ප්‍රමාණයක පරිගණක දත්තවලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි. 

සයිබර් ප්‍රහාරය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පුර්ණයෙන්ම බිද වැටී තිඛෙනවා.