Saturday, September 21, 2024

General line - 0115112241

පිළියන්දල වෙඩි පහරට ලක්වූ පොලිස් නිලධාරියට ජනපතිගෙන් අවසන් ගෞරව




පිළියන්දල වෙඩි පහරට ලක්ව අභාවප්‍රාප්ත වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කළ ජේ.ඒ.ඩී චමින්ද අබේවික්‍රම මහතාගේ, දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද (13) පස්වරුවේ අවසන් ගෞරව දක්වනු ලැබුවා.

දේහය තැන්පත් කර තිබූ මාරවිල වීරහේනේ වාසනා මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව පිරිනැමීමෙන් අනතුරුව ඒ මහතාව පොලිස් සැරයන් ධූරයට උසස් කරමින් දේහයට නිල ලාංඡනය පැළඳවීම සිදු වුණා.