Saturday, September 21, 2024

General line - 0115112241

‘‘එකම තීරයක් එකම මාවතක් ’’ සමුළුව අද ඇරඹෙයි




චීනයේ බීජිං නුවර දී පැවැත්වෙන ‘‘එකම තීරයක් එකම මාවතක් ’’ සමුළුව අද (14) ආරම්භ වනවා.

සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලාංකීක දූත පිරිස ඊයේ (13) පස්වරුවේ බීජිංහි කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපලින් චීනයට ළඟා වුණා.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබූයේ බීජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ජෙන් යූ විසින්.

එම අවස්ථාවට චීනයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

රටවල් 28 ක රාජ්‍ය නායකයින් මෙම සමුළුවට සහභාගි වීමට නියමිතයි. ‘‘එකම තීරයක් එකම මාවතක්’’ සමුළුව පැවැත්වෙන්නේ චීන ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනූවයි. චීන දේශසීමා සහ යුරෝපය හරහා වැටී තිබූ ඓතිහාසික සේද මාවත යළි පන ගැන්වීම මෙම සමුළුවේ අරමුණක් බවටයි විශ්වාස කෙරෙන්නේ.