Saturday, April 27, 2024

General line - 0115112241

ලාෆ්ස් ගෑස් ලක්ෂ ගණනින් තෑගි බෙදයි




ලාෆ්ස් ගෑස් මිලදී ගත් පාරිභෝගිකයින් වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ දිණුම් ඇදීමකින් ජයග‍්‍රහණය කළ පාරිභෝගිකයින්ට ත්‍යාග ප‍්‍රදානය කිරීම අද (14) සිදු කෙරුණා.

ඒ කොළඹ ලාෆ්ස් හෝල්ඩින් සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදීයි.

ගෑස් සිලින්ඩරයක් මිල දී ගත් විට ලැබෙන කූපන් පතෙහි සදහන් අංකය එස්.එම්.එස් කිරීම මගින් ජයග‍්‍රහයකයින් තෝරා ගැණුනා.

පළමු ත්‍යාගය ලෙස වටිනා මෝටර් රථයක් දිනා ගත් මහනුවර පදිංචි දසුන් සේනාධීර නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වූවා.

මෙම අවස්ථාවට එක් වූ ලාෆ්ස් හෝල්ඩින් සමාගමේ සහකාර සන්නාම කළමනාකරු රවින් ලංකාගේ සඳහන් කළේ රුපියල් ලක්ෂ 500 ක ත්‍යාග පාරිභෝගිකයින් වෙනුවෙන් සූදානම්ව ඇති බවයි. අද දිනයේදී ජයග්‍රාහකයා රුපියල් ලක්ෂ 40 කටත් වඩා වටිනා සුපිරි මෝටර් රථයක් දිනා ගත් බවත් තවත් රුපියල් ලක්ෂ 20 කට වඩා වටිනා ත්‍යාග රැසක් අනෙක් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් දිනා ගත් බවත් සඳහන් කළා.