Monday, May 6, 2024

General line - 0115112241

ජාතික තුරුණු වෙසක් මංගල්‍යය නිමයි




ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ ජාතික තුරුණු වෙසක් මංගල්‍යය සාර්ථකව අවසන්ව තිබෙනවා.

ඒ අනුව ඊට සමගාමීව පවත්වනු ලැබූ වෙසක් පහන් කූඩු තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා මුදල් තිළිණ ප්‍රධානය කිරීම ඊයේ (13) රාත්‍රියේදී සිදු කෙරුණා.

ඒ ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාව සඳහා පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පෙතිගමුවේ රාහුල හිමියන්, වෙසක් පහන් කූඩු නිර්මාණ ඉදිරිපත් කළ තරුණයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියා.