Saturday, September 21, 2024

General line - 0115112241

මහින්දගේ පිළට උතුරු මැද ආණ්ඩුකාරවරයා හරස් වෙයි




උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මන්ත‍්‍රීවරුන් දාහත් දෙනෙකු ලබා දුන් දිවුරුම් පෙත්සම් භාර ගැනීම ආණ්ඩුකාරවරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න විශ්වාසය කඩ කර ඇති බව පවසමින් මන්ත‍්‍රිවරුන් 17 දෙනෙකු මෙම දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔවුන් සියලුදෙනාම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කර සාමාජිකයන් බවයි වාර්තා වන්නේ. පේෂල ජයරත්න ප‍්‍රධාන අමාත්‍ය දුරයෙන් ඉවත් කර මීට පෙරාතුව එම ධුරය දැරූ එස්.එම්. රංජිත්ට නැවතත් එම තනතුර ලබා දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා.