Saturday, September 21, 2024

General line - 0115112241

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට - රටේ සියලු උසස් අධ්‍යාපන ආයතන ගැන සොයයි




රට තුළ ඇති උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් සෙවීමට ස්වාධීන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේ එම ස්වාධීන අධිකාරිය හරහා සියලුම උසස් අධ්‍යාපන ආයතන නියාමනය කරන බවයි.

නියමිත ප‍්‍රමිතියෙන් තොර ආයතන වේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කළ හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට භාර දීමට එහි පාලනාධිකාරය එකඟ වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.