Saturday, September 21, 2024

General line - 0115112241

ගීතාගේ මන්ත්‍රි ධූරය අහෝසි කෙරෙන තීන්දුව අත්හිටුවයි - ද්විත්ව පුරවැසිභාවය ලැබුණු හැටිත් ගීතා හෙළි කරයි




මන්ත‍්‍රී ධුරය අත්හිටුවමින් ගීතා කුමාරසිංහට අභියාචනාධිකරණය ලබා දුන් තින්දුව ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවීමට අද (15) නියෝග කෙරුණා.

ඒ, අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මන්තීී‍්‍රවරිය විසින් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් ලෙස කටයුතු කිරිම නුසුදුසු බව අභියාචනාධිකරණය ඉකුත්දා නියෝග කළා. ඊට එරෙහිව මන්ත‍්‍රීවරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

පෙත්සම විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සිකුරාදා නියෝග කළේ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ක‍්‍රියාත්මක කිරීම අද දිනය දක්වා අත්හිටුවන බවයි. ඒ අනුව අදාළ පෙත්සම  අද කැඳවූ අවස්ථාවේදී ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම් විභාගය අවසන්වන තෙක් අභියාචනාධිකරණ තින්දුව අත්හිටුවන බවයි. 

තම සේවාදායිකාව ස්විට්සර්ලන්ත පුරවැසියෙකු සමග විවාහ වී ඇති බවත් එම නිසා ඇයට එරට පුරවැසිභාවය හිමිවී ඇති බවත් ගීතා කුමාරසිංහ මන්ත‍්‍රිවරියගේ නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියා. එය හිතාමතා ඉල්ලුම් කළ පුරවැසිභාවයක් නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ගීතා කුමාරසිංහ මන්ත‍්‍රිවරිය 1981 වසරේ දී විවාහ වී ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා ගෙන ඇති බවයි. නැවත 2006 වසරේදී ඇය ශ‍්‍රී ලංකා පුරවැසිභාවය ද ලබා ගෙන ඇති බව ප‍්‍රකාශ කෙරුණා. ද්විත්ව පුරවැසිභාවය සඳහා ඇය කැමැත්තෙන්ම ඉල්ලුම් කර ඇති බැවින් ආණඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත‍්‍රීවරිය වරදක් සිදු කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.  

එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මන්ත‍්‍රිවරිය ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර ගෙන නොමැති බව ද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.