Saturday, September 21, 2024

General line - 0115112241

ඩෙංගු මර්දන බලකායට ජනපතිගෙන් හදිසි කැඳවීමක්




ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධන බලකාය වහා කැඳවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. 

ඒ අනුව හෙට (16) දිනයේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඩෙංගු  මර්දන කාර්යසාධන බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනු ඇති. මේ වසර ආරම්භයේ සිට අද දිනය දක්වා රෝගීන් හතළිස් හතර දහස් හයසිය විසිතුන් දෙනෙකු වාර්තා වී තිබෙනවා. 

සිදුව ඇති  මරණ සංඛ්‍යාව 115ක්. 2014 වසරේදී ඩෙංගු රෝගීන් හතළිස් හත්දහස් දෙසිය හතළිස් හයක් වාර්තා වූ අතර මරණ 97ක් සිදු වුණා. 2015 වසරේදී රෝගීන් විසිනවදහස් හත්සිය හැත්තෑ හත දක්වා අඩු වූ අතර මරණ සංඛ්‍යාවද 60 දක්වා අඩු කර ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යංශය සමත් වී තිබෙනවා. 

එහෙත් 2016 වසරේදී රෝගයේ වර්ධනයක් පෙන්නුම් කළ අතර රෝගීන් පනස්පන්දහස් එකසිය පනස් දෙනෙක් වාර්තා වුණා. සිදු වූ මරණ සංඛ්‍යාව 90ක්. දැනට පවතින බරපතල තත්ත්වය සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.