Saturday, September 21, 2024

General line - 0115112241

රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ටත් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් සායනික පුහුණුව




රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ටද මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් සායනික පුහුණුව ලබා දීමට කටයුතු කරන බව රජය අද (15) ප‍්‍රකාශ කළා.  

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජය අමාත්‍ය අජිත් පී පෙරේරා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

 එහිදී ඔහු සඳහන් කළේ "නවීන පහසුකම්වලින් සමන්විත නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ශික්ෂණ රෝහලක් ලෙස ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සපයනවා. මෙම රෝහල ඇඳන් 800 ක් පමණ තිබෙන ලොකු රෝහලක්. මෙම රෝහල නොමිලේ රජයට ලබලා දෙන්න වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ලෑස්තියි. මේක රජයේ රෝහලක් කරාට පස්සේ එහි සායනික පුහුණුව ලබන්න සයිටම් ආයතනයේ සිසුන්ට අවස්ථාව ලැබෙනවා. අනාගතයේ රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ටත් නෙවිල් ප්‍රනාන්දු රෝහල විවෘත වෙනවා." යනුවෙනි.