Saturday, September 21, 2024

General line - 0115112241

මෝදි එට්කා සිහිනය දකින හැටි ගම්මන්පිල කියයි




ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඉකුත්දා ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ හැසිරුණේ ශ‍්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස නොව ඉන්දියාවේම තවත් ප‍්‍රාන්තයක් ලෙසින් සළකමින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රි ලංකාවේදී සිදු කළ ප‍්‍රකාශයන්වලින් එය පැහැදිලිවන බවයි කොළඹ අද (15) පැවති මාධය හමුවකදී මන්ත‍්‍රීවරයා සඳහන් කළේ. 

මෙරට දේශපාලඥයන් රටේ ජනතාවගෙන් වසන් කළ කරුණු හෙළි කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවද මන්ත‍්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. 

එහිදි "රටවල් දෙකේ දේශසීමා හරහා වෙළඳාම, තක්ෂණය, ආයෝජන නිදහසේ ගලා යන්න ඕනෙලු. මොකක්ද මේ කතාවේ තේරුම. එතුමා නොකියා කියන්නේ..එට්කා වහ වහා අත්සන් කළ යුතු බවයි. තව කියනවා අපේ සමාජයන් දෙකේ ආරක්ෂාවන් එකිනෙකට වෙන් කළ නොහැකි කියලා. මේ කියන්නේ අපි කරන දේ ඉන්දියාවේ ආරක්ෂාවට බලපානවා. ඒ නිසා අපිට ඕන විදිහට නටන්න ඉන්දියාව ඉඩ දෙන්නේ නැහැ කියලයි මේ කියන්නේ." යනුවෙන්ද සඳහන් කළා.