Saturday, September 21, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨතම මළල ක‍්‍රිඩා පුහුණුකරුවකු අභවප‍්‍රාප්ත වෙයි




ජ්‍යෙෂ්ඨතම මළල ක‍්‍රිඩා පුහුණුකරුවකු වන ඩර්වින් පෙරේරා අද (15) අභවප‍්‍රාප්ත වුණා.

දින ගණනාවවක් රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී අද පස්වරුවේ මිය ගිය බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

කලක් ශ‍්‍රි ලංකා මළල ක‍්‍රීඩා කණ්ඩායමේ ජාතික පුහුණුකරුවකු ලෙස කටයුතු කළ ඔහු ඉකුත් වසරේ ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළලේද රට වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නා. මිය යන විට ඔහු 67 වන වියේ පසුවුණා.