Saturday, September 21, 2024

General line - 0115112241

අමාත්‍යාංශ 05ක හිස් ලේකම් පුටු ගැන අවධානය




පුරප්පාඩු වී ඇති අමාත්‍යංශ 05ක ලේකම්වරුන් කඩිනමින් පත් කිරීම කෙරෙහි ජනාධිපති ලේකම් කාර්යාලයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. 

මේ වනවිට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග, වාරිමාර්ග, ප‍්‍රාදේශීය සංවර්ධන සහ කම්කරු යන අමාත්‍යංශවල ලේකම් ධුර පුරප්පාඩු වී පවතිනවා. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අනුර ජයවික‍්‍රම මැයි මස 11 වැනිදා සිය තනතුරෙන් විශ‍්‍රාම ගියා. 

වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්. රත්නායක ද ඉකුත් 12 වැනිදා සිය ධුරයෙන් විශ‍්‍රාම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ.ඩී.කේ. අමරවර්ධන අපේ‍්‍රල් මස 16 වැනිදා සිය ධුරයෙන් විශ‍්‍රාම ගොස් තිබෙනවා. කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය ජයරත්න ද ඉකුත් අපේ‍්‍රල් මස 22 වැනිදා සිය ධුරයෙන් විශ‍්‍රාම ගොස් ඇති බවයි වාර්තා වුණේ.