Saturday, September 21, 2024

General line - 0115112241

"මගේ කාර් වරප්‍රසාද ඔක්කොම ගන්න - ජනතාවට වැඩක් කරන්න අවස්ථාව දෙන්න" - බැරි වුණොත් ඉවත් වෙන බව සුජීව කියයි




තමන් කිසිසේත් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.

විවිධ මාධ්‍ය හරහා තමා ඒකාබද්ධ විපක්ෂයට එක් වන බවට පළවන වාර්තාවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ මහරගම පැවති උත්සවයකට සහභාගී වෙමින්.

ඉදිරියේ පැවැත්වීමට නියමිත කැබිනට් සංශෝධනය පිලිබඳවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ දක්ෂයින් සඳහා අවස්ථාව ලබා දිය යුතු බවයි. 

"අපිට විශාල කාර්යභාරයක් තිබෙනවා අනාගතයේදී. කැබිනට් වෙනස්වීමක් සිදු වෙනවයි කියලා තියෙනවා. ඒකෙදි දක්ෂයිට තැන දෙන්න ඕනේ. මගේ වරප්‍රසාද කාර් ඔක්කොම ගන්න.. මට එපා ඒ කිසිවක්..හැබැයි මට ජනතාවට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් දෙන්න. එක්කො ජනතාවට සේවයක් කරන්න ඕනේ.. නැත්නම් පක්ෂයට වැඩක් කරන්න ඕනේ.. මේ දෙකම නැත්නම් මම දේශපාලනය කරලා වැඩක් නැහැ. උපරිම සටන් කරලා... ඉන්නම බැරි වුණොත් දේශපාලනයෙන් ඉවත් වෙනවා." යනුවෙන්ද ඔහු සඳහන් කළා.