Saturday, September 21, 2024

General line - 0115112241

මුහම්මද් බිලාල් කණ්ඩායමෙන් රජයේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් - ලක් රජයට පණිවුඩයකුත් තබලා




ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කුමන දිනයකදී දැයි මෙතෙක් තහවුරු වී නැහැ.

පකිස්තාන සයිබර් ප්‍රහාරකයන් කණ්ඩායමක් විසින් එය සිදු කළ බවයි ඔවුන් එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ.

පකිස්තානයට ජය වේවා, ස්ලාම් දහමට ජය වේවා, මුස්ලිම්වරුන්ට ජය වේවා, පකිස්තානු යුද හමුදාවට ජය වේවා සහ පකිස්තාන අයි.එස්.අයි කණ්ඩායමට ජය වේවා යනුවෙන් ඔවුන් එහි සටහන් කර තිබෙනවා.

මෙම හැකර්වරුන් විසින් ආදළ වෙබ් අඩවිය හැක් කිරීමෙන් අනතුරුව එහි පණිවුඩයක්ද සටහන් කර ඇති අතර එහි දැක්වෙන්නේ කාශ්මීරය, සිරියාව සහ පලස්තීනය යන රටවල් නිදහස් විය යුතු බවයි.

මුහම්මද් බිලාල් යනුවෙන් හඳුන්වන කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති අතර ඔවුන් පාකිස්තානයට අයත් බවයි හඳුන්වා දී තිබෙන්නේ.   

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වෙබ් අඩවියට පිවිසෙන විද්‍යුත් ලිපිනයhttp://www.galle.dist.gov.lk/